BREAKING NEWS 🔴 :

සියලුම රාජ්‍ය රූපවාහිනී නාලිකා වෙනුවෙන් රජයේ නව සැලසුම්

රජය සතු රූපවාහිනී නාලිකා සම්බන්ධයෙන් රජය වැදගත් තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC), ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC)

රජය සතු රූපවාහිනී නාලිකා සම්බන්ධයෙන් රජය වැදගත් තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC), ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) සහ ස්වාධීන රූපවාහිනී නාලිකාව (ITN) සම්බන්ධයෙන් මෙම තීරණ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


පළමුවෙන්ම, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙන වෙනම රාජ්‍ය ආයතන ලෙස පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. මීට පෙර, මෙම ආයතන දෙක එකතු කර එකම රාජ්‍ය සමාගමක් ලෙස පවත්වාගෙන යාමට යෝජනා වී තිබුණා.


නමුත්, මෙම ආයතන දෙකේ තාක්ෂණයන් වෙනස් වීම, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වඩා විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වීම, සම්ප්‍රේෂණ කුලුනු පිහිටා ඇති ස්ථාන වෙනස් වීම වැනි කරුණු නිසා අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකි බව හඳුනාගෙන තිබෙනවා.


ඒ අනුව, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ආදායම් තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා උපායමාර්ගික ව්‍යාපාර සැලැස්මක් සකස් කර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙන වෙනම පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.


දෙවනුව, ස්වාධීන රූපවාහිනී නාලිකාවේ (ITN) විකාශන කටයුතු වැඩිදියුණු කිරීමටත් රජය තීරණය කර තිබෙනවා.


මෙරට ප්‍රථම රූපවාහිනී නාලිකාව ලෙස ආරම්භ කරන ලද ස්වාධීන රූපවාහිනී නාලිකාව, සාමාන්‍ය භාණ්ඩාගාරයේ 100%ක කොටස් අයිතිය සහිත සමාගමක් ලෙස පවත්වාගෙන යනු ලබයි.


කෙසේ වෙතත්, පැරණි පරිගණක සහ යල් පැන ගිය මෘදුකාංග භාවිතා කිරීම නිසා උසස් තත්ත්වයේ වැඩසටහන් විකාශනය කිරීමේ ගැටළු මතුවී තිබෙනවා.


ඒ අනුව, ස්වාධීන රූපවාහිනී නාලිකාව සඳහා අවශ්‍ය උපකරණ සැපයීම සඳහා 2026 අයවැයෙන් මුදල් වෙන් කිරීමටත්, එමඟින් ග්‍රාහකයින්ගේ ආකර්ෂණය වැඩි කර ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.


source: Newswire

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post