BREAKING NEWS 🔴 :

විදුලි ගාස්තුව හෙට සිට ඉහලට

හෙට දිනයේ සිට (12)  බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තු 15%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.

හෙට දිනයේ සිට (12)  බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තු 15%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.


කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කේ. පී. එල්. චන්ද්‍රලාල් මහතා පැවසුවේ මෙම සංශෝධනය 2025 වසරේ දෙවන භාගය සඳහා බවයි.


මීට පෙර වාර්තා වූ පරිදි ලංකා විදුලිබල මණ්ඩලය (CEB) 2025 දෙවන භාගය සඳහා විදුලි ගාස්තු 18.3% කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබුණි.


ඒ අනුව, ඒකක 30කට අඩු ප්‍රමාණයක් පරිභෝජනය කරන ගෘහස්ථ කාණ්ඩයේ විදුලි ගාස්තු 8%කින් ඉහළ නංවා ඇති අතර, ඒකකයක මිල රු.4 සිට රු.4.50 දක්වා ඉහළ යනු ඇත.


මේ අතර, පරිභෝජනය කරන පළමු ඒකක 30 සඳහා ස්ථාවර ගාස්තුව රු. 75 සිට රු. 80 දක්වා වැඩි කෙරේ.


තවද, දැනට රු. 6ක් වන ඒකක 31-60 අතර පරිභෝජනය කරන ඒකක සඳහා අය කරන ගාස්තුව රු. 8 දක්වා වැඩි කෙරේ. මෙම කාණ්ඩය සඳහා ස්ථාවර ගාස්තුව රු. 200 සිට රු. 210 දක්වා වැඩි කෙරේ.


source: adaderana

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post