BREAKING NEWS 🔴 :

හැටන් නගරයේ සමරිසි පා ගමනක්

හැටන් නගරයේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කළ "මලෙයග පදනම" පා ගමන පසුගිය (01) දින සාර්ථකව පැවැත්විණි.

හැටන් නගරයේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කළ "මලෙයග පදනම" පා ගමන පසුගිය (01) දින සාර්ථකව පැවැත්විණි. 


මෙම පා ගමන හැටන් බස් නැවතුම්පොළ අසලින් ආරම්භ වී හැටන් දික්ඔය නගර සභා ශාලාව දක්වා ගමන් කළේය.


මෙම පා ගමනට සමරිසි ප්‍රජාව සහ වතු කම්කරුවන් කිහිප දෙනෙකු සහභාගී වූ අතර, පා ගමනින් අනතුරුව හැටන් නගර සභා ශාලාවේදී විවිධ ප්‍රසංගයක්ද පැවැත්විණි. සමරිසි ප්‍රජාව විසින් නර්තනයන් ඉදිරිපත් කරමින් පා ගමනට එක්වීම විශේෂත්වයක් විය.


"මලෙයග අභිමානි පා ගමන" ලෙස නම් කර තිබූ මෙම පා ගමන සංවිධානය කළ සංවිධායකයින් කියා සිටියේ වතු කම්කරුවන්ගේ සහ සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් ලබා දීම සඳහා මෙම පා ගමන දෙවන වරට සංවිධානය කළ බවයි. පසුගිය වසරේදීද මෙවැනිම පා ගමනක් නුවරඑලියේදී පැවැත්වුණු බව ඔවුන් වැඩිදුරටත් පැවසීය.


මෙම පා ගමන මගින් වතුකරයේ ජනතාවගේ සහ සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳව සමාජයේ අවධානය යොමු කරවීමට හැකි වූ බව සංවිධායකයින් විශ්වාසය පළ කරයි. ඉදිරියේදීද මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව ඔවුහු කියා සිටිති.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post