BREAKING NEWS 🔴 :

දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අනතුරු ඇඟවීම්.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම ප්‍රදේශවල නායයෑම් සිදුවිය හැකි බැවින් ප්‍රදේශවාසීන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවට එම සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙයි. අනතුරු ඇඟවීම් ලැබී ඇති ප්‍රදේශවල ජීවත්වන ජනතාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලැබෙන උපදෙස් පිළිපදින්නැයි දන්වා සිටිමු.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post