BREAKING NEWS 🔴 :

රු. 500ට නිරුවත් ඡායාරූප පෙන්නූ සරසවි සිසුවෙකුට රු. 5000ක් දඩ

විශ්වවිද්‍යාල සිසුවියකගේ නිරුවත් ඡායාරූපයක් WhatsApp සමූහයක රුපියල් 500කට පළ කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ විශ්වවිද්‍යාල සිසුවෙකුට රුපියල් 5000ක දඩයක් ග
විශ්වවිද්‍යාල සිසුවියකගේ නිරුවත් ඡායාරූපයක් WhatsApp සමූහයක රුපියල් 500කට පළ කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ විශ්වවිද්‍යාල සිසුවෙකුට රුපියල් 5000ක දඩයක් ගෙවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් මත මෙම නඩුව විභාග කරන ලදී. නඩුවේදී සැකකාර ශිෂ්‍යයා තමා කළ වරද පිළිගත් අතර මහේස්ත්‍රාත්වරිය ඔහුට දඩ නියම කළාය.


එම දඩ මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් මාස 6ක සිර දඬුවමක් විඳීමට සිදුවන බවටද මහේස්ත්‍රාත්වරිය ඔහුට අවවාද කළාය. මීට අමතරව අගතියට පත් සිසුවියට රුපියල් 5000 ක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කෙරිණි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post