ඇමෙරිකාව විසින් පනවා ඇති බදු හේතුවෙන් මෙරට ආර්ථිකය සුනාමියකට ගොදුරු වීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ නාත්තන්ඩියේ පැවති ජන හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, වත්මන් ආණ්ඩුවේ දුර්වල ආර්ථික කළමනාකරණය හේතුවෙන් රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බවයි. ඇමෙරිකාව පැනවූ බදු හේතුවෙන් අපනයන ආදායම පහත වැටීම සහ විදේශ විනිමය හිඟවීම තවදුරටත් උග්‍ර වනු ඇති බවත්, එය ආර්ථික සුනාමියක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බවත් ඔහු අනතුරු ඇඟවීය.
මෙවැනි තීරණාත්මක මොහොතක රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමටත් සියලු දේශපාලන පක්ෂ එක්ව කටයුතු කළ යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. එමෙන්ම, ජනතාවට සහන සැලසීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.