BREAKING NEWS 🔴 :

අත්අඩංගුවේ පසුවෙන සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් දසදෙනා යලි බන්ධනාගාරයට

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 10 දෙනා ලබන 29 වන දින දක්වා

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 10 දෙනා ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


අද (16) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර සිසුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ හා ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වන චරිත් ඩිල්ෂාන් අප්‍රේල් 29 වන දින සියදිවි නසාගෙන ඇත.


මානසික අවපීඩනය හේතුවෙන් සියදිවි නසා ගන්නා බවට ඔහු අතින් ලියන ලද ලිපියක් ලියා තිබුණද, ඔහුගේ ඥාතීන් සහ මිතුරන් චෝදනා කළේ විශ්ව විද්‍යාලයේ කෲරත්වය දරාගත නොහැකිව ඔහු සියදිවි නසාගෙන ඇති බවයි.


මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන් මෙම සිසුන් අත්අඩංගුවට ගෙන ඇත.


source:aruna.lk

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post