2014 දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදවි ප්‍රාප්ත වීමෙන් දෙවන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් භාවිතා කරමින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් රජයට රුපියල් මිලියන 1.7 කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති සිද්ධියක් සම්බන්ධයෙන් මෙය සිදු වේ.
ඒ අනුව, හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තෙබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය සම්බන්ධයෙන් 2014 නොවැම්බර් 19 වන දින පුවත්පත් 11 ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් අතිරේක පළ කිරීමෙන් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇත. එමඟින් රජයට රුපියල් 1748877.76 පාඩුවක් සිදු විය.
මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා සංඛ්‍යාව පහක් වන අතර සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 15 දෙනෙකු නම් කර ඇත.
තවද, ලේඛන 21 ක් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර ඇත.
source: aruna.lk