BREAKING NEWS 🔴 :

දෙහිවල, නැදිමාලයේ වෙඩි තැබීමක්

 

දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.  වෙඩි තැබීමෙන් කිසිදු ජීවිත හානියක්

දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.  වෙඩි තැබීමෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති බව පොලීසිය තහවුරු කරයි.


 යතුරුපැදියෙන් පැමිණි සැකකරුවන් වෙළෙඳසැල වෙත කිහිප වරක් වෙඩි තබා පලා ගොස් ඇති බව වාර්තා වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, වෙඩි තැබීමට හේතු වූ නිශ්චිත හේතු තවමත් අනාවරණය වී නොමැත.


මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බඩෝවිට අසංක නමැත්තාගේ ඥාතීන් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලැබුණු විගස ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නේ නම් වහාම පොලීසියට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post