BREAKING NEWS 🔴 :

ලුණු වගාවට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑමක්

 

නෙළීමට තිබූ මෙට්‍රික් ටොන් 15,000කට අධික ලුණු අස්වැන්නක් පසුගිය දිනවල ඇද හැලුණු මහ වැසි සමඟ දිය වී ගිය බවයි

නෙළීමට තිබූ මෙට්‍රික් ටොන් 15,000කට අධික ලුණු අස්වැන්නක් පසුගිය දිනවල ඇද හැලුණු මහ වැසි සමඟ දිය වී ගිය බවයි.


දිවයින පුරා මේ වන විට මතුව ඇති ලුණු හිඟයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ලුණු නිෂ්පාදනයට අවශ්‍ය හිරු එළිය නොමැති වීම සහ නිරන්තරයෙන් වැසි පැවතීම බව ඔවුහු පෙන්වා දෙති.


ශ්‍රී ලංකාවේ සමස්ත ලුණු නිෂ්පාදනයෙන් 60%කට ආසන්න දායකත්වයක් පුත්තලමෙන් ලැබෙන අතර, හිරු එළිය හොඳින් පැවති කාලවලදී මෙට්‍රික් ටොන් ලක්ෂයකට අධික අස්වැන්නක් ලබා දීමට හැකි වූ බව රජයේ සහ පෞද්ගලික ලුණු ලේවායන්හි අංශ ප්‍රකාශ කර සිටී.



ලුණු නිෂ්පාදනයට බාධා එල්ල කරමින් පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ලුණු වගාකරුවන් දැඩි ආර්ථික ගැටලු වලට මුහුණ දී සිටී.



මීට පෙර රුපියල් 1500කට ලුණු ලේවායන්වල අලෙවි වූ කිලෝ 50ක ලුණු මිටියක් මේ වන විට රුපියල් 7000කට ආසන්න මිලකට අලෙවි වන අතර සිල්ලර මිලද ඉහළ ගොස් ඇත.



පසුගිය කාලයේ පුත්තලමට දැඩි හිරු එළියක් ලැබුණු අතර ලුණු ලේවායන්වල ලුණු පදම් වෙමින් යල කන්නයේ ඉහළ අස්වැන්නක් වාර්තා කිරීමට හැකිව තිබුණි. නමුත්, පසුගිය 17 වන දා සිට නැවත වර්ෂාව ඇද හැලීමත් සමඟ පුත්තලමේ ලුණු අස්වැන්න අහිමි වීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බව ලුණු නිෂ්පාදකයෝ පවසති.


මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post