BREAKING NEWS 🔴 :

මුහුදුබඩ කරවල වාඩිවල වල සිටින බාලවයස්කාර දරුවන් ගැන විමර්ශනයක්

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසන පරිදි, මුහුදු ආශ්‍රිත ප්‍රදේශවල පිහිටි කරවල වේලන වාඩිවල බාලවයස්කාර දරුවන් සේවයට යොදවා ගන්නා බවට පැමිණිලි ලැ


මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසන පරිදි, මුහුදු ආශ්‍රිත ප්‍රදේශවල පිහිටි කරවල වේලන වාඩිවල බාලවයස්කාර දරුවන් සේවයට යොදවා ගන්නා බවට පැමිණිලි ලැබී තිබේ.



බත්තලංගුණ්ඩුව, කල්පිටිය, ත්‍රිකුණාමලය
වැනි මහා පරිමාණ ධීවර කටයුතු සිදු කෙරෙන ප්‍රදේශවල මෙලෙස බාලවයස්කරුවන් සේවයට යොදවා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම පැමිණිලි සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙස අදාළ පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත.



වාරකාන් කාලය එළඹ ඇති බැවින්, සේවයට යොදවා ගන්නා දරුවන් කරවල වාඩිවල මෙන්ම අයිතිකරුවන්ගේ නිවාසවලද රැඳී සිටිය හැකි බවට සැක කෙරෙන අතර, ඒ අනුව එම ස්ථාන පරීක්ෂා කිරීමට පොලිසියට උපදෙස් ලබා දී ඇත. 

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post