BREAKING NEWS 🔴 :

කොටහේන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි

කොටහේන පොලිසිය 2025 මැයි 16 වන දින සුමිත්‍රාරාම මාවතේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට හා කාන්තාව

කොටහේන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි


කොටහේන පොලිසිය 2025 මැයි 16 වන දින සුමිත්‍රාරාම මාවතේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට හා කාන්තාවකට වෙඩි තබා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.


මෙම අපරාධයට වෙඩික්කරුවන්ට පලා යාමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු කොටහේන පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී, වෙඩික්කරු යැයි සැකකරන පුද්ගලයාගේ ඡායාරූපයක් අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරියෙකු ලවා සිතුවම් කර ඇත.


සිතුවම් කරන ලද ඡායාරූපයේ සිටින සැකකරු පිළිබඳව යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.


දුරකථන අංක:


ස්ථානාධිපති, කොටහේන - 071-8591571

ස්ථානාධිපති (අපරාධ) - 074-0253623

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post