BREAKING NEWS 🔴 :

හේතුවක් නොමැතිව සේවයට වාර්තා නොකළ දුම්රිය රියදුරන් ගැන විමර්ශනයක්

දුම්රිය ධාවනය සඳහා රියදුරන් 430ක් පමණ සිටිය යුතු නමුත් දැනට සිටින්නේ 275ක් පමණක් බවත්, එම පුරප්පාඩු පිරවීම සඳහා නව රියදුරන් බඳවා ගැනීමට කටයුතු කරමින්

දුම්රිය රියදුරන් 20 දෙනෙකු පමණ පසුගිය දිනවල සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි. මෙසේ රියදුරන් වාර්තා නොකිරීම හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


දුම්රිය ධාවනය සඳහා රියදුරන් 430ක් පමණ සිටිය යුතු නමුත් දැනට සිටින්නේ 275ක් පමණක් බවත්, එම පුරප්පාඩු පිරවීම සඳහා නව රියදුරන් බඳවා ගැනීමට කටයුතු කරමින් පවතින බවත් සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය. ඒ අනුව, අයදුම්පත් කැඳවා ඇති අතර බඳවා ගැනීමේ තරඟ විභාගය ලබන ජූලි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැවසේ.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post