දෙදාස් විසිතුන වසරේ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ලැබූ ආර්. රාජ කුමාරි නමැති මෙහෙකාර සේවයේ නියුතු කාන්තාවකට පහරදී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින එම පොලිසියේ හිටපු නිලධාරින් තුන් දෙනෙකුට එරෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි මස 21වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
එම නඩු විභාගය 2025/0515 අද කොළඹ මහාධිකරණ විනිසුරු වන ආර්.එස්.එස් සපුවිද මහතා ඉදිරියේ කරනු ලැබ ඇත.
එහිදී විත්තිය පාර්ශවයෙන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කරමින් මෙම නඩුව සම්භන්ධව ඉදිරිපත් කර තිබෙන ඇතැම් ලිපි ලේඛන තමන් හට ලැබී නොමැති බව සඳහන් කර ඇත.
ඒ අනුව විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන කඩිනමින් ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස විනිසුරුවරයා රජයේ නීතිඥවරියට නියම කළේය.
ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූලි මස 21 වනදා කැඳවීමට නියම කළේය.
වැලිකඩ පොලිස් ස්ථානයේ රාජකාරි කල උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරින් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.
source: adaDerana