BREAKING NEWS 🔴 :

බස්නාහිර හා සබරගමුවට අදත් තද වැසි හා සුළං

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර හා සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව හා මුලතිව් දිස්ත්‍රික්කවල තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර හා සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව හා මුලතිව් දිස්ත්‍රික්කවල තද වැසි හා ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවනවා. එසේම, දිවයිනේ ඉතිරි ප්‍රදේශවල සවස් හෝ රාත්‍රී කාලවලදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ප්‍රකාශ කර කරනවා.


විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, මඩකලපුව හා මුලතිව් දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවල මිලිමීටර් 75ක් (75mm) දක්වා තද වැසි පතිත විය හැකි බව දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. එමෙන්ම, බස්නාහිර හා දකුණු පළාත්වල සුළං වේගය පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා (30-40Km) තරම් ඉහළ යාමේ අවධානමක් ඇති බව අද (15) උදෑසන නිකුත් කරන ලද කාලගුණ අනාවැකියේ සඳහන් වෙනවා.


source: neth 

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post