නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 36 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැයි මස 10 වන දින සිට 19 වන දින දක්වා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මඩකලපුව කොටුවමඩ, ත්‍රිකුණාමලය සල්ලිකෝවිල්, එරක්කන්ඩි, අලියා දූපත, නන්දිකඩාල්, කල්ලඩි, පේදුරුතුඩුව සහ මුලතිව් ආලම්පිල් යන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව මෙම පුද්ගලයින් ධීවර කටයුතුවල නිරත වී ඇත.
නාවික හමුදාව විසින් සිදු කළ වැටලීම් වලදී, නීති විරෝධී දැල් 117ක්, ඩිංගි යාත්‍රා 09ක්, මුහුදු කූඩැල්ලන් 3808ක්, අධි තාක්‍ෂණික ධීවර උපකරණ, නීති විරෝධී පුපුරණ ද්‍රව්‍ය සහ අධිබල විදුලි ආලෝක ධාරා උපකරණ තොගයක් සොයා ගැනීමට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව, ත්‍රීකුණාමලය, කෝඩ් බේ, මුලතිව්, මාමුනෛයි, පේදුරුතුඩුව සහ වාකරේ යන ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාර දීමට නියමිතය.