BREAKING NEWS 🔴 :

හදිසි රිය අනතුරකින් පුද්ගලයෙකු මරුමුවට.

කැකිරාව පොලිස් බල ප්‍රදේශයට අයත් කැකිරාව - දඹුල්ල මාර්ගයේ, ඇලගමුව ප්‍රදේශයේදී ඊයේ (2025.05.26) සවස සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව



කැකිරාව පොලිස් බල ප්‍රදේශයට අයත් කැකිරාව - දඹුල්ල මාර්ගයේ, ඇලගමුව ප්‍රදේශයේදී ඊයේ (2025.05.26) සවස සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.


මහනුවර සිට අනුරාධපුර දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් මාර්ගය හරහා ගමන් කරමින් තිබූ ට්‍රැක්ටරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ ට්‍රැක්ටර් රථයේ රියදුරු කැකිරාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.


මියගිය පුද්ගලයා 49 හැවිරිදි කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ මෘත ශරීරය කැකිරාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.


කැකිරාව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post