හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කර සිටිමු. ඇය මිය යන විට 78 වන වියේ පසු වූවාය.
කලක් රෝගාතුරව සිටි මාලනී ෆොන්සේකා මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
1947 අප්‍රේල් මස 30 වන දින කැලණියේදී උපත ලද වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා, පසුකාලීනව මාලනී ෆොන්සේකා නමින් සිනමාවේ විශිෂ්ඨ රංගන ශිල්පිනියක් බවට පත්විය. 1963 වසරේ වේදිකා නාට්‍යවලින් සිය රංගන දිවිය ආරම්භ කළ ඇය, 1968 වසරේදී "පුංචි බාබා" චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියාය.
1973 වසරේදී ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනාගත් මාලනී ෆොන්සේකා, හොඳම නිළිය සඳහා වන ජනාධිපති, සරසවි, ඕ.සී.අයි.සී, සුමති සම්මාන ඇතුළු සම්මාන ගණනාවකින් පිදුම් ලබා ඇත. ඇයගේ රංගන කුසලතාව මනාව පෙන්නුම් කළ "නිධානය", "බඹරු ඇවිත්", "වෑකන්ද වලව්ව", "ආරාධනා", "අම්මාවරුනේ" වැනි චිත්‍රපට සිංහල සිනමාවේ සුවිශේෂී සලකුණු ලෙස සටහන් වේ.
මාලනී ෆොන්සේකාගේ අභාවය හේතුවෙන් සිංහල සිනමාවට විශාල පාඩුවක් සිදුව ඇති අතර, ඇයගේ රංගන දායකත්වය සදානුස්මරණීය වනු ඇත.
2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයටද පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය 2015 වසර වන තෙක් ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළාය.
ඇය සහභාගී වූ අවසන් වැඩ සටහන පහතින් සහ ලක් නිවුස් මතකාවර්ජන වැඩසටහන පහතින්