BREAKING NEWS 🔴 :

රුපියල් මිලියන 460ක් වටිනා කුශ් තොගයක් කටුණායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධී ලෙස කුෂ් ගංජා විශාල තොගයක් රට තුළට ගෙන ඒමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් මිලියන 460 කි.

ශ්‍රී ලංකා රේගුවට පවසන්නෙ, ඇයගේ ගමන් මලු දෙකක් තුළ සඟවා තිබූ කුෂ් ගංජා කිලෝග්‍රෑම් 46 ක් සොයා ගත් බවයි.

21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික සැකකාර කාන්තාව තායිලන්තයේ බැංකොක් සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව පැවසෙනවා.

වැඩිදුර පරීක්ෂණ සඳහා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට භාර දී තිබේ.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2