පොලිස් නිලධාරීන්ගෙන් සැඟවී පැනගෙන ගිය හයේෂිකා ප්‍රනාන්දු (ටීචර් අම්මා) නම් වූ ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරිය, අද (14) දහවල් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ස්වේච්ඡාවෙන් භාර වූ බව ඇයගේ නීතිඥ අනුජ් ප්‍රේමරත්න මහතා අධිකරණයට දැන්වීය.
ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා සිටියද, අද අධිකරණයට භාරවන තෙක් ඇයව සොයා ගැනීමට නොහැකි විය. පොලිය ප්‍රකාශ කලේ, ඇයගේ නිවසට පැමිණි විට ඇය දියණිය සමඟ ප්‍රදේශයෙන් පලාගොස් සිටි බවයි.
පසුගිය සතියේ, තරුණයකුගේ වෘෂණ කෝෂවලට හානි කිරීමේ චෝදනාවක් මත, හයේෂිකාගේ ස්වාමිපුරුෂයා සහ ආයතන කළමනාකාරීවරයා කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරයේ තබා ගැනීමට අධිකරණය ඊයේ (13) දක්වා නියෝග කර ඇත.