BREAKING NEWS 🔴 :

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 07යි ග්‍රෑම් 150 සමග සිව්දෙනෙක් ගුවන්තොටුපොලේදී කොටු වෙයි

ඔවුන් සතුව තිබූ ගමන් මලු 04ක සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07යි ග්‍රෑම් 150ක ප්‍රමාණයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත

රුපියල් හත් කෝටි පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව රේගු නිලධාරීන් විසින් සිදු කළ සෝදිසියකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.


අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 42 හැවිරිදි බිරිඳ මෙන්ම කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ද වන බව පොලිසිය පවසයි.


මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම පිරිස තායිලන්තයෙන් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඉන්දියාවේ බැංගලෝර් හරහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇති බවයි. ඔවුන් සතුව තිබූ ගමන් මලු 04ක සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07යි ග්‍රෑම් 150ක ප්‍රමාණයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2