BREAKING NEWS 🔴 :

හෙලිකොප්ටර් අනතුරකින් ෆින්ලන්තයේ පස් දෙනෙක් මරුට

 
නිරිතදිග ෆින්ලන්තයේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම ඛේදජනක සිදුවීම යුරා ගුවන්තොටුපළ අසල වනාන්තර ප්‍රදේශයක සිදුව

නිරිතදිග ෆින්ලන්තයේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම ඛේදජනක සිදුවීම යුරා ගුවන්තොටුපළ අසල වනාන්තර ප්‍රදේශයක සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



පොලීසිය පවසන පරිදි මෙම අනතුර සිදුව ඇත්තේ කෞට්ටුවා නගරය ආසන්නයේදී දහවල් 12:00ට පමණයි. එස්තෝනියාවේ අගනුවර වන ටැලින් සිට එකම වේලාවක ගුවන්ගත වූ හෙලිකොප්ටර් යානා දෙක මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. එක් හෙලිකොප්ටරයක පුද්ගලයින් දෙදෙනෙකු සහ අනෙක් හෙලිකොප්ටරයේ පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇති බව වාර්තා වේ.



අනතුරට පත් වූ හෙලිකොප්ටර් යානා දෙකෙන් එකක් එස්තෝනියාවේ ලියාපදිංචි කර ඇති අතර අනෙක ඔස්ට්‍රියාවේ ලියාපදිංචි කර තිබෙනවා. මෙම යානා වල ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



මෙම අනතුරට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මියගිය අයගේ අනන්‍යතාවය තහවුරු කිරීමේ කටයුතුද මේ වන විට සිදුවෙමින් පවතිනවා. එරට බලධාරීන් මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post