අධිකරණ නිලධාරීන් ඉලක්ක කරමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන ඇතැම් පළකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කනස්සල්ල පළ කර තිබේ.
සංගමය පෙන්වා දෙන්නේ මහජනතාව ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ අධිකරණ නිලධාරීන්ට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතියට අහිතකර අදහස් පළකරමින් සිටින බවයි. අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීමේ සහ ආරක්ෂා කිරීමේ වැදගත්කම සලකා බැලීමේ දී, අධිකරණ නිලධාරීන්ගේ කාර්යභාරය තීරණාත්මක බව සංගමය අවධාරණය කරයි.
නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල මාධ්‍ය හරහා අධිකරණ නිලධාරීන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කර ඇති බවත්, සත්‍යතාවයකින් තොරව කරුණු දක්වා ඇති බවත්ය. මෙය අධිකරණ බලයට යටත් කරුණු සම්බන්ධයෙන් වැරදි ආකල්ප ඇති කිරීමට හේතු විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
මෙවැනි ක්‍රියාවන් අධිකරණ පද්ධතියට හා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට හානිකර බවත්, එය සදාචාර විරෝධී බවත් නීතිඥ සංගමය අවධාරණය කරයි.
මහජනයා අදහස් දැක්වීමේදී විමසිලිමත් විය යුතු අතර, පරීක්ෂණවලට අගතියක් විය හැකි හෝ මහජන පීඩනයක් ඇති කළ හැකි හැසිරීම්වලින් වැළකී සිටිය යුතු බව සංගමය අවධාරණය කරයි. නීතිඥයින් වශයෙන්, නීතිමය රාමුව තුළ අවසර ලැබෙන අවස්ථාවලදී හැර, මහජන චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමට සීමා පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.
එබැවින්, අධිකරණ නිලධාරීන් පිළිබඳව අදහස් පළ කිරීමේදී වගකීමෙන් කටයුතු කරන ලෙසත්, නිසි ක්‍රියාවලියට ගරු කරන ලෙසත්, ගෞරවය ආරක්ෂා කිරීමට සහයෝගය දක්වන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
source:adaderana.lk