BREAKING NEWS 🔴 :

මදුරු ඔය හෙලිකොප්ටර් අනතුර: "තත්පර 30කින් පාලනය ගිලිහුණා" - නියමුවා අධිකරණයේදී හෙළි කරයි

දෙහිඅත්තකණ්ඩිය - මදුරු ඔය යුද හමුදා විශේෂ බලකා කඳවුරෙන් ගුවන් ගත වී තත්පර 30ක් වැනි කෙටි කාලයක් තුළ තමන් පැදවූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ පාලනය සියතින් ගිලිහුණු බව එහි ප්‍රධාන නියමුවා වූ ගුවන් හමුදා ලුතිනන් පෝලන් ජයවර්ධන මහතා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

දෙහිඅත්තකණ්ඩිය
- මදුරු ඔය යුද හමුදා විශේෂ බලකා කඳවුරෙන් ගුවන් ගත වී තත්පර 30ක් වැනි කෙටි කාලයක් තුළ තමන් පැදවූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ පාලනය සියතින් ගිලිහුණු බව එහි ප්‍රධාන නියමුවා වූ ගුවන් හමුදා ලුතිනන් පෝලන් ජයවර්ධන මහතා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.


හමුදා සාමාජිකයින් හය දෙනෙකුට මරු කැඳවූ මදුරු ඔය හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කළේය. මෙම අනතුරින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තුවේ සෙබළුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.


දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හල්යාල මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විණි.


තවදුරටත් සාක්ෂි ලබා දුන් ගුවන් නියමුවා, මෙම අනතුර තම අතින් සිදු වූ වරදකින් සිදු නොවූ බවට තමන් තරයේ විශ්වාස කරන බව අධිකරණයට දන්වා සිටියේය. අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති වුවද, එය යාන්ත්‍රික දෝෂයක් නිසා සිදු වන්නට ඇති බවට ඔහු අධිකරණය හමුවේ අනුමාන කළේය. නිරූපණ ගුවන් ගමනක් අතරතුර මෙම ඛේදජනක සිදුවීම වාර්තා විය.


මීට පෙර නඩුව අගෝස්තු මස 21 වන දින නැවත කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, අනතුරින් මියගිය හමුදා සාමාජිකයින් හය දෙනාගේ මරණවලට නිශ්චිත හේතුව එදිනට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළේය.


එමෙන්ම, හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන සම්පූර්ණ වාර්තාවක් අගෝස්තු 21 වන දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා දෙහිඅත්තකණ්ඩිය පොලිසියට වැඩිදුරටත් නියෝග කළ බව අප වාර්තාකරු සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2