ජූලි 28: 2025 ජූලි මස 28 වැනිදා උදෑසන බොරලැස්ගමුව පොලිස් වසමේ බෙල්ලන්විල ප්‍රදේශයේදී මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද බුද්ධි තොරතුරක් මත දියත් කළ විශේෂ මෙහෙයුමකදී, රුපියල් මිලියනයකට අධික වටිනාකමක් සහිත මත් කරල් තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
මෙම වැටලීමේදී මත් කරල් 1,330,420ක් සොයාගෙන ඇති අතර, ඒවා සන්තකයේ තබා ගැනීම, ජාවාරම් කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිමි සැකකරුවන් වයස අවුරුදු 35 සහ 49 වයස්වල පසුවන බෙල්ලන්විල සහ දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි. එසේම, අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 34ක් වන මුංවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
මෙම වැටලීම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සිදුකළ සාර්ථක මෙහෙයුමක් ලෙස සැලකේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත් කරල් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.