BREAKING NEWS 🔴 :

යටිනුවර ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවරයා ඇතුළු තිදෙනෙකු මියගොස්

මෙසේ මියගොස් ඇති තිදෙනා අතර වයස අවුරුදු 52ක් පමණ වන පුරුෂයා යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ අයෙකු බවට තොරතුරු ලැබී තිබේ. ඔහු සියදිවි නසාගෙන ඇති බවට සැක කෙරේ. මියගිය කාන්තාවන් දෙදෙනා ඔහුගේ 44 හැවිරිදි බිරිඳ සහ 17 හැවිරිදි දියණිය බවට හඳුනාගෙන ඇත. මෙම තිදෙනා යහලතැන්න ප්‍රදේශයේම පදිංචිකරුවන් බව වාර්තා වේ.

පේරාදෙණිය පොලිස් වසමට අයත් යහලතැන්න ප්‍රදේශයේ නිවසකින් පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති බවටත්, එම නිවස තුළම කාන්තාවන් දෙදෙනෙකු මියගොස් සිටින බවටත් ඊයේ (ජූලි 28) රාත්‍රී කාලයේත් අද (ජූලි 29) අළුයම් කාලයේත් අතරතුර පේරාදෙණිය පොලිසියට තොරතුරු ලැබී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පේරාදෙණිය පොලීසිය සඳහන් කරයි.


මෙසේ මියගොස් ඇති තිදෙනා අතර වයස අවුරුදු 52ක් පමණ වන පුරුෂයා යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ අයෙකු බවට තොරතුරු ලැබී තිබේ. ඔහු සියදිවි නසාගෙන ඇති බවට සැක කෙරේ. මියගිය කාන්තාවන් දෙදෙනා ඔහුගේ 44 හැවිරිදි බිරිඳ සහ 17 හැවිරිදි දියණිය බවට හඳුනාගෙන ඇත. මෙම තිදෙනා යහලතැන්න ප්‍රදේශයේම පදිංචිකරුවන් බව වාර්තා වේ.


කෙසේ වෙතත්, කාන්තාවන් දෙදෙනාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය තවදුරටත් පුළුල් විමර්ශන සිදු කරනු ලබයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2