BREAKING NEWS 🔴 :

රන් ආලේපිත T56 ගිනි අවි නඩුවෙන් දුමින්ද දිසානායක නිදහස් කෙරේ

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයකින් සොයාගත් රන් ආලේපිත ටී 56 (T56) වර්ගයේ ගිනි අවියක හිමිකාරීත්වය සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකින් හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය අද (ජූලි 29) නියෝග කර තිබේ.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයකින් සොයාගත් රන් ආලේපිත ටී 56 (T56) වර්ගයේ ගිනි අවියක හිමිකාරීත්වය සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකින් හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය අද (ජූලි 29) නියෝග කර තිබේ.


මෙම නඩුව අද දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය විසින් මෙම නියෝගය ලබා දෙන ලදී. නඩුවට අදාළව සෘජු හෝ පරිවේශණීය සාක්ෂි නොමැති වීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා නිදොස් කොට නිදහස් කරන බව මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර ඇත.


මෙම රන් ආලේපිත ටී 56 (T56) වර්ගයේ ගිනි අවිය හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයකින් සොයා ගැනීමෙන් පසුව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ විය. එහි හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකළ මෙම විමර්ශනවලට අදාළව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පසුගිය මැයි මස 23 වැනි දින අත්අඩංගුවට ගනු ලැබීය.


අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කෙරුණි. කෙසේ වෙතත්, පසුව ඔහු විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව, පසුගිය ජුනි මස 14 වැනි දින ඇප කොන්දේසි මත ඔහු නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබුණි.


අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී, සපයා ඇති සාක්ෂි ප්‍රමාණවත් නොවන බව තීරණය කරමින්, දුමින්ද දිසානායක මහතාට මෙම නඩුවෙන් නිදහස ලබා දීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය කටයුතු කළේය.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2