ඊශ්‍රායලය වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබීමත් සමඟ ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව (IDF) රටේ පුරවැසියන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස හදිසි නිවේදනයක් නිකුත් කර තිබේ.
IDF නිවේදනයට අනුව, "ඊශ්‍රායලය වෙත ඉරානයෙන් මිසයිල එල්ල වන බව හඳුනා ගැනීමෙන් අනතුරුව ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක අනතුරු ඇඟවීමේ සයිරන් නාද විය."
තවද අවශ්‍ය අවස්ථාවලදී, ගුවන් හමුදාව ක්‍රියාත්මක වන බවත්, එල්ල වන තර්ජන අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් හමුදාව වැඩිදුරටත් පවසා ඇත. ජෙරුසලමේ සිටින AFP වාර්තාකරුවන් පවසන්නේ නගරයේ සයිරන් නාද වන බවයි.
මේ මොහොතේ සියලුම පුරවැසියන් ආරක්ෂිතව සිටීම ඉතා වැදගත් වන අතර, ආරක්ෂක හමුදාව නිකුත් කරන ඉදිරි උපදෙස් පිළිපදින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.