BREAKING NEWS 🔴 :

කොච්චිකඩේ මුහුදු වෙරළේ ත්‍රීරෝද රථයක් තුළ පිළිස්සුණු පොලිස් සිරුරක්

අද (14) උදෑසන කොච්චිකඩේ කම්මල් තොටුපොළ මුහුදු තීරයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක් තුළ පිළිස්සුණු සිරුරක් සොයාගෙන ඇති අතර, එය මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒ

අද (14) උදෑසන කොච්චිකඩේ කම්මල් තොටුපොළ මුහුදු තීරයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක් තුළ පිළිස්සුණු සිරුරක් සොයාගෙන ඇති අතර, එය මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ සේවය කළ ජයන්ත පුෂ්පකුමාර මහතාගේ බව හඳුනාගෙන ඇත. 56 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා දළුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


මෙම සිද්ධිය මුලින්ම දැක ඇත්තේ ප්‍රදේශවාසීන් වන අතර, ඔවුන් වහාම කොච්චිකඩේ පොලිසියට මේ පිළිබඳව දැනුම් දී තිබේ. දැනට කොච්චිකඩේ පොලිසිය සහ මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය එක්ව විමර්ශන කටයුතු ආරම්භ කර ඇතත්, සිද්ධියට අදාළ නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.


සිද්ධියට සම්බන්ධ මූලික පරීක්ෂණ සහ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහල වෙත ගෙන යාමට නියමිත බව පොලිසිය පවසයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැන ගැනීමට හැකිවනු ඇත.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post