තීරුබදු රහිතව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි ගණනක් වටිනා දුම්වැටි තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් ඉන්දීය ජාතිකයෙකු මන්නාරම ඔලුතුඩුවායි ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (21) සිදුකළ හදිසි වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ දුම්වැටි 168,000 ක් පමණ මෙහිදී සොයාගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වයස අවුරුදු 22 සහ 67 වයස්වල පසුවන මන්නාරම සහ කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර, ඊට ආධාර අනුබල දුන් ඉන්දීය ජාතික සැකකරු වයස අවුරුදු 53 ක් වූ චෙන්නායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුවන් තිදෙනාම මන්නාරම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය. මෙවැනි නීති විරෝධී ජාවාරම් මර්දනය කිරීම සඳහා ඉදිරියටත් දැඩිව කටයුතු කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැඩිදුරටත් පවසයි.