BREAKING NEWS 🔴 :

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග තායි ජාතික තරුණයෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට

 

රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් (රු. 79,000,000) පමණ වටිනා ‘කුෂ්’  මත්ද්‍රව්‍ය තොගයක් සමග තායිලන්ත ජාතික තරුණයෙකු අද (19) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍ය

රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් (රු. 79,000,000) පමණ වටිනා ‘කුෂ්’  මත්ද්‍රව්‍ය තොගයක් සමග තායිලන්ත ජාතික තරුණයෙකු අද (19) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.



මෙම සැකකරු 21 හැවිරිදි තරුණයෙක් වන අතර, ඔහු තායිලන්තයේ සිට පැමිණි ගුවන් මගියෙකි. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ සෝදිසියකදී, ඔහු රැගෙන ආ ගමන් මලු වල තිබූ රසකැවිලි පැකට් කිහිපයක සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 910 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.



සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී ඇත.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post