මාස 8ක් තුළ වෙඩි තැබීම් 79ක්, මරණ 52ක්: සංවිධානාත්මක අපරාධ රැල්ල පාලනය කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි
පසුගිය මාස 8 තුළ මෙරට සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධ සිද්ධීන් 79ක් වාර්තා වී ඇති අතර එම හේතුවෙන් පුද්ගලයින් 52 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති බව වාර්තා වේ. මෙම තත්වය සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් වර්ධනය වීමේ ප්‍රවනතාවක් පෙන්නුම් කරන අතර එය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් බව බොහෝ දෙනාගේ මතයයි.
මහ මග, උසාවි පරිශ්‍රයන් තුළ මෙන්ම වෙළඳසැල් තුළ පවා සිදුවන මෙම වෙඩි තැබීම් හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ජීවිත අනාරක්ෂිත වී ඇති බව ඇතමුන් පෙන්වා දෙයි. නඩු විභාග වෙමින් පවතින අවස්ථාවලදී පවා වෙඩි තැබීම් සිදුවීමත්, මාර්ග අතුගාමින් සිටින පුද්ගලයින්ට වෙඩි තැබීම් එල්ලවීමත්, හය හතර නොදන්න පුංහි දරුවන්ට පවා වෙඩි තැබීමත් වෙළඳසැල් තුළට පැමිණ වෙඩි තැබීම් සිදුකිරීමත් බරපතල තත්ත්වයක් බව පෙන්වා දෙයි.
මෙවැනි තත්ත්වයක් තුළ පොලීසිය ඇතුළු බලධාරීන්ගේ කාර්යක්ෂමතාවය තවදුරටත් වැඩිදියුණු විය යුතු බවත්, මෙම අපරාධ මැඩපැවැත්වීම සඳහා රජය සහ අදාළ බලධාරීන් නිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් බොහෝදෙනාගේ අදහසයි. ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත්, සාමාන්‍ය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමටත් හැකිවන පරිදි කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක විය හැකි වැඩපිළිවෙලක් සකස් කර, අපරාධකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගත යුතු බවත්, පොලිස් බලය ශක්තිමත් කිරීම මගින් මෙම තත්ත්වය පාලනය කළ හැකි බවත් බොහෝ නීති විශාරදයින්ගේ මතයයි.