30 වසරක් පුරා යුද්ධයෙන් බැට කෑ අප මාතෘ භූමියට සාමය උදාකරමින් ලබාගත් විජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් හෙට (මැයි 19) ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය පැවැත්වීමට රණවිරු සේවා අධිකාරිය සූදානම් කර ඇත.
මෙම උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පස්වරු 4.00 සිට 6.00 දක්වා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.
රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන මහතා සඳහන් කළේ, සේනාධිනායකවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙන බවයි.
මෙම ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය, දිවයිනේ සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ අමිල කැපවීම සිහිපත් කරමින් ඔවුන්ට උපහාර දැක්වීම සඳහා සංවිධානය කර ඇත. එමෙන්ම, එය රට වෙනුවෙන් කළ මෙහෙවරට කෘතඥතාව පළ කිරීමේ අවස්ථාවක් ද වනු ඇත.