BREAKING NEWS 🔴 :

රුපියල් මිලියන 87ක් වටිනා කේරල ගංජා තොගයක් අත්අඩංගුවට

මන්නාරම පේසාලේ වෙරළ තීරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 218 ක් පමණ අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

 උතුරු මැද නාවික හමුදා නිලධාරීන් විසින් ඊයේ මන්නාරම පේසාලේ වෙරළ තීරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 218 ක් පමණ අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මෙම මෙහෙයුමේදී ජාවාරම් කරුවන් ජාවාරමට යොදාගත් ඩිංගි යාත්‍රාවක් (01) ද අත්අඩංගුවට ගෙන තිබේ

මෙම මෙහෙයුමේදී නාවික නිලධාරීන් පේසාලේ වෙරළ තීරයේ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කර ගෝනි 08 ක අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 218 ක් පමණ සොයා ගත් බව පැවසෙනවා.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීදි වටිනාකම රුපියල් මිලියන 87 ඉක්මවන බව විශ්වාස කෙරේ.

නාවික හමුදාව ප්‍රදේශයේ නිරන්තරයෙන් රැඳී සිටීම හේතුවෙන් ජාවාරම්කරුවන් මෙම තොගය අතහැර දමා ගොස් ඇති බවට සැක කෙරේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව නීතිමය පියවර සඳහා පේසාලේ පොලිසියට භාර දෙන බවයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post